Pages

Sunday, December 22, 2013

~~මතකය~~

මාරුතයක
ගසාගෙන
ආ වරාමලක
සුසිනිදු සුසුම්
වැල්,,විසිරුනි
දසත වියළිලා
ගිලිහුනු උනුසුමක
මතක මල්
පිබිදිලා කදුලින්ම
ඔච්චම් කරයි
මා හැගුම් වැලපිලා
හිනහෙන්න
වරම් නැත,,
හදවතට කිමිදිලා,,,,,,
සදවතට කන් දෙන්න
තරු කුමරු නෑ
හිනහිලා,,,,,,,,,
හිරුට පෙම් බැද
තුන් හිතම අළුවෙලා
~~~~~~~~~~~~~
 —

Photo: ~~මතකය~~

මාරුතයක
ගසාගෙන
ආ වරාමලක
සුසිනිදු සුසුම්
වැල්,,විසිරුනි
දසත වියළිලා
ගිලිහුනු උනුසුමක
මතක මල්
පිබිදිලා කදුලින්ම
ඔච්චම් කරයි
මා හැගුම් වැලපිලා
හිනහෙන්න 
වරම් නැත,,
හදවතට කිමිදිලා,,,,,,
සදවතට කන් දෙන්න
තරු කුමරු නෑ
හිනහිලා,,,,,,,,,
හිරුට පෙම් බැද
තුන් හිතම අළුවෙලා
~~~~~~~~~~~~~

~~හසරැල්ල~~


හිතට දැනෙනා සිතුවිලි
නෙතට ගලනා කදුලැලි

ලයට දැනෙනා සුසුම්වැල්
ඔබට නොදැනේ කිමද,,
දෙවියනි,,,,,,,

සෝ සුසුම් ලන් උනා
නෙතු කදුලු වැඩිඋනා
හීනමල්පෙති පර උනා
හසරැල්ල වියකුනා,,,

ලොවම මා දෙස බලා
හිනහුනා මා තනිඋනා
දින්නට දෙයක් නැත
විදින්නට දෙයක් ඇත,,,
මලක් වන්නට පෙරුම්
පිරූ මා හසරැල්ල නිසාම
වියකුනා වැනසුනා,,,
~~~~දෙවියනී~~~~
Photo: ~~හසරැල්ල~~

හිතට දැනෙනා සිතුවිලි
නෙතට ගලනා කදුලැලි
ලයට දැනෙනා සුසුම්වැල්
ඔබට නොදැනේ කිමද,,
දෙවියනි,,,,,,,

සෝ සුසුම් ලන් උනා
නෙතු කදුලු වැඩිඋනා
හීනමල්පෙති පර උනා
හසරැල්ල වියකුනා,,,

ලොවම මා දෙස බලා
හිනහුනා මා තනිඋනා
දින්නට දෙයක් නැත
විදින්නට දෙයක් ඇත,,,
මලක් වන්නට පෙරුම් 
පිරූ මා හසරැල්ල නිසාම
වියකුනා වැනසුනා,,,
~~~~දෙවියනී~~~~

~~~රහසක්~~~


Photo: ~~~රහසක්~~~

හිනා මල් ගොඩයි
රහස් රස විලයි
මා සිතුම් මල් පිපි
සිත් යායට සරු හැඩයි

මලක් වී මා සිතේ
පිපෙන්න නුබ සිතයි
මලට බර නැති
පිනිබිදුව නුබ හැඩයි,,

කොදුරන්න රහසක් හිමින්
අහන්නම් ලග නැතත් 
විදින්නම් සෙනෙහසින්
නුබේ ආදරය අහසමෙන්,,,
හිනා මල් ගොඩයි
රහස් රස විලයි
මා සිතුම් මල් පිපි
සිත් යායට සරු හැඩයි

මලක් වී මා සිතේ
පිපෙන්න නුබ සිතයි
මලට බර නැති
පිනිබිදුව නුබ හැඩයි,,

කොදුරන්න රහසක් හිමින්
අහන්නම් ලග නැතත්
විදින්නම් සෙනෙහසින්
නුබේ ආදරය අහසමෙන්,,